ලංකා ගී පොත (LankaSongBook.com) වෙතට සාදරයෙන් පිළිගනිමු!
ඔබ ආදරය කරන ගී වල ගී පද (සහ තවත් දෑ)
මෙම අඩවියෙන් සොයා ගන්න.

අඩවිය ගැන වදනක්

මෙම වෙබ් අඩවියේ ජනප්‍රිය සිංහල ගීත වල ගී පද සහ තවත් තොරතුරු අඩංගු වේ. එය මෙම ගී ගැයූ කලා කරුවන්, පද පබැඳූ රචකයින් සහ අප සිත් තුළ සදා රැව් පිළිරැව් දෙන තනු නිර්මාණය කළ සංගීතඥයින් වෙනුවෙන් පිදෙයි. මෙම අඩවිය තැනුනේ අපගේ සංස්කෘතිය හා යා වීමටත් අපගේ අතීත මතකයන් අවදි කිරීමටත් උදව් වන එම කලා කරුවන්ගේ සාමුහික නිර්මාණශීලිත්වය අගය කරමිනි.

වෙබ් අඩවිය නිර්මාණය කිරීමට වැය වූ මගේ ශ්‍රමය මගේ සිඟිති දියණිය වූ ගිනුකි වෙත පිදෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා 'ඇගේ' කාලයෙන් බිඳක් හෝ වැය කිරීමට ඇගෙන් ඉඩක් නොලැබුනි. එහෙත්, ව්‍යාපෘතිය නිම වූ පසු වෙබ් අඩවියේ නිරතුරු සැරිසරන්නියක් බවට ඇය පත් වී ඇත!

අරමුණු

භාවිතා කරන ආකාරය

ඇත්තෙන්ම එය ඉතා පහසුයි! වම් පැත්තේ ඉහල ඇති සබැඳියක් තේරීමෙන් ඔබේ ගවේෂණය අරඹන්න.

එන්න! රස විඳින්න!!

වෙබ් අඩවි හිමි කරුවනි, ඔබේ අමුත්තන්ගේ ප්‍රයෝජනය සඳහා ලංකා ගී පොතට සබැඳියක් සමඟ පහත දැක්වෙන අයිකනය ඔබේ වෙබ් පිටුවට ඇතුල් කරන්න. ස්තුතියි!