ගීත වල සැබෑ හිමි කරුවන් වනුයේ එම ගී ගැයූ ගායක ගායිකාවන්, ගීත රචකයින් සහ තනු නිර්මාණය කළ සංගීතඥයින් ය. එම කලා කරුවන්ගේ නිර්මාණාත්මක ප්රයත්නයන්ගෙන් තොරව මෙම වෙබ් අඩවිය හිස් වූ එකක් වනු නොඅනුමානය.
විවෘත මෘදුකාංග පරිගණක ප්‍රක්‍රමණ වලින් මම සැමදාමත් ඉමහත් ප්‍රයෝජන ලදිමි. මෙම වෙබ් අඩවියේ තාක්ෂණික අංශ සියල්ල විවෘත මෘදුකාංග භාවිතයෙන් සකස් කර ඇත. වැඩි විස්තර සඳහා 'තාක්ෂණය' ලෙස නම් කර ඇති කොටස බලන්න.
වෙනත් තැනක සඳහන් කර ඇති ආකාරයට ගී පද වල දත්ත බැංකුවක් සැදීමේ මුල් ප්රයත්නය 1995 තරම් ඈත මා රුහුණ විශ්ව විද්‍යාලයේ රාජකාරී කළ අවදියේ ගන්නා ලදී. එම ව්‍යාපෘතියට බොහෝ දෙනෙක් ගී පද සපයා සම්මාදම් වුනි. එහෙත් කීප දෙනෙකුගේ නම් සඳහන් නොකරම බැරිය. මේ අය නම් නිලානි ද සිල්වා, රොෂාන් පෙරේරා සහ ක්‍රිෂාන්ති හේවාබෝවලගේ යි.
මේ අඩවිය ගී පද සඳහා මගේ නියත ස්ථානය විය. මෙම අඩවිය නොවන්නට ගී පද සොයා ගැනීමට මට ඉතා දුෂ්කර කාර්යයක නිරත වීමට සිදු වනවා නොඅනුමානය. මවිසින්ම ගීයට ඇහුම්කන් දීමට වඩා ගී පද සොයා ගැනීමට තවත් විශ්වාතවන්ත ක්‍රමයක් වේද? ඔබ ගීයක් සොයනවාද? මෙම වෙබ් අඩවියේ එය නිසැකවම ඇති!
මේ අඩවිය මට හමු වූයේ තරමක් ප්‍රමාද වීය. සිංහල ශාස්ත්‍රීය ගී සෑහෙන ප්‍රමාණයක් මෙම අඩවියේ ඇත.
ලංකා ගී පොත අඩවියේ රසිකයකු වන ගෙහාන් ගුණවර්ධන ගීත විශාල ප්‍රමාණයක ගී පද රචකයා සහ තනු නිර්මාපකයා සොයා දීමට ඉදිරිපත් විය. මෙය තවමත් නිම වී නැති විශාල කාර්යයකි. ගෙහාන් ගේ උදව්වෙන් මම සෙමෙන් නමුත් ස්ථිරවම මෙම හිදැස පිරවීමෙහි යෙදී සිටිමි.
මගේ විශේෂ ස්තුතිය මගේ ප්‍රිය බිරිඳ ක්‍රිෂාන්ති ජයවර්ධනට පිරිනැමෙයි. ඒ, අඩවියේ කලාත්මක හැඩරුව කැටයම් කිරීමත්, දෝෂ පෙන්වා දීමත්, සෙවනැල්ලක් සේ සිටිමින් ව්‍යාපෘතිය පුරා දුන් සහයෝගයත් වෙනුවෙනි. පද වැල් වල දෝෂ සෙවීම කාලය ඉතා වැයවන කටයුත්තක් විය. ඇය මේ වෙනුවෙන් පැය, දින හා සති ගණනක් වැය කරන්නට ඇත. එය තවමත් කෙරෙමින් පවතී.