එය ඉහළ පැනලය තුළ සැඟවී ඇති. එක්කෝ එම පැනලයේ පහළට රෝල් වෙන්න. නැතහොත් එම පැනලයේ උස වැඩි කරන්න. ඉහළ පැනලය සහ අනෙක් පැනල වෙන් කෙරෙන රේඛාව පහළට ගෙන යාමෙන් මෙය කළ හැකිය.
මුද්‍රණය කරන්න එපා! ගී පද දැන් ලේසියෙන්ම සොයා ගන්න තියන නිසා ඇත්තෙන්ම මගේ බලාපොරොත්තුව කිසිවෙකුටත් තව දුරටත් ගී පද මුද්‍රණය කරන්න සිදු නොවේවි කියායි. එහෙත් යම් විශේෂ හේතුවක් නිසා ඔබට ගී පද මුද්‍රණය කර ගන්න අවශ්‍ය ඇති. කීප විදියකින් මෙය කර ගත හැකියි. හරියටම කරන ආකාරය ඔබ භාවිතා කරන බ්‍රව්සරය මත රඳා පවතිනු ඇති. ෆයර්ෆොක්ස් වලදී පද වැල ඇති රාමුව තුලදී දකුණු මූසික බොත්තම එබීමෙන් එම පද වැල වෙනමම ජනේලයක දිස් වීමට සැළැස්වීමට ඔබට හැකියි. දැන් ඔබට බ්‍රව්සරයේ 'Print' මෙනු අයිතමය තෝරා ගෙන එම පිටුව මුද්‍රණය කළ හැකියි. මෙම ගී පද ඇත්ත වශයෙන් පින්තූරයක් ලෙස ඇති බව වටහා ගැනීමත් ප්‍රයෝජනවත්. මේ නිසා, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වලදී දකුණු මූසික බොත්තම ඔබා 'Print Image' තේරීමෙන් ද ඔබට එය මුද්‍රණය කළ හැකියි. තවත් විදිහක් නම් එය පින්තූරයක් ලෙස සුරක්ෂිත (save) කර, ඔබ පින්තූර බැලීමට භාවිතා කරන මෘදුකාංගයක් හරහා මුද්‍රණය කිරීමයි. ගී පද කිහිපයක් එක වර මුද්‍රණය කිරීමට හැකිදැයි තවත් කෙනෙකු විමසීමක් කළා. මේ සඳහා නම් මට වෙනම මහන්සි වෙන්න වේවි.
මම එය පිළිගන්නවා. ඔබ ගීයේ නම අසළ ඇති
අයිකනය තේරුවොත් මෙම තොරතුරු සහ තවත් විස්තර බලා ගන්න පුළුවන්. එහෙත්
සමහර විස්තර අසම්පූර්ණ බව ඔබට සැනෙකින් පෙනේවි. මගේ ප්රමුඛ අරමුණ වුනේ
ගී පද සියල්ල අඩවියට එක් කිරීමයි. මෙහි නොමැති තොරතුරු ඔබ දන්නවා නම් කරුණාකර
මවෙත ඒවා එවන්න!
බොහෝ අවස්ථා වල ගී පද ඉක්මණටම ලබා ගත හැකි ක්‍රමය තමයි ගීයක් සෙවීම. මෙහිදී ගීයේ නම පමණයි සෙවීමට භාජනය වන්නේ. ගීයේ නමක කොටසක් ටයිප් කර 'සොයන්න!' බොත්තම ඔබන්න. උදාහරණයක් ලෙස 'මලක්' යන්න සොයන්න.
ඒ ගැන මට කණගාටුයි - ඒත් හොඳ පුවත නම්, අනෙක් ගීත සඳහාද ඍතිය ඒ තරමින්ම ඉහළ වීමට බොහෝ දුරට ඉඩ තිබීමයි. ඒ නිසා, එය ඔබට කොතරම් (එක් ස්වරයක්, ස්වර දෙකක්, ...) ඉහළදැයි නිර්ණය කර ගන්න. අනෙක් ගීත සඳහා ද එපමණින්ම ඍතිය එහා මෙහා කර ගන්න. ඍතිය පහළ වැඩි නම් ඒ සඳහා ද මේ ක්රමයම යොදා ගෙන ඔබට සරිලන ඍතිය සොයා ගන්න.
මේ පැණයට විසඳුම දැන් දී හමාරයි. ඇත්ත වශයෙන් මුලදී මම යුනිකේත භාවිතා නොකළේ බොහෝ දෙනෙකුට යුනිකේත ෆොන්ට නැති නිසයි. මටත් ලිනුක්ස් වල ඒ ෆොන්ට බලා ගන්න ගැටළු තිබුණා. හැමෝටම ගී පද බලාගන්න හැකියාව තිබීම මට අවශ්‍යම වූ කාරණයක්. ඒ නිසයි මගේම නිර්මාණයක් වූ SLaTeX මගින් ජනනය කළ පින්තූර ලෙස සියළුම සිංහල ඛණ්ඩ ඉදිරිපත් කළේ. ඒ වුනත් දැන් ගී පද හැරුණු කොට අනෙක් සියළුම සිංහල ඛණ්ඩ යුනිකේතයෙනුත් ඉදිරිපත් කර තිබෙනවා. අනු පිළිවෙල පවා සිංහල අකාරාංශයේ ලෙසයි දැන් දිස් වන්නේ. ගී පද පමණක් තවමත් පින්තූර ලෙස පවත්වා ගෙන යන්නේ එකම එක හේතුවක් මත පමණයි. පසුගිය කාලයේ මෙම පින්තූර පවා කිසිම සඳහනක් නොමැතිව වෙනත් වෙබ් අඩවි වල යොදා ගෙනත් තිබුණා. නමුත් මගේ අකුරු මම පැහැදිළිව හඳුණන නිසා මේ ගැන පැමිණිළි කරන්න මට හැකියාව ලැබුණා. ගී පද යුනිකේතයෙන් තිබීමෙන් ඕනෑ කෙනෙකුට ඒවා සඳහනක් නොමැතිවම සොරා ගන්න හැකි වෙනවා. මගේ ශ්‍රමය වෙනුවෙන් මම බලාපොරොත්තු වන එකම දේත් ඒ සමඟ මට අහිමි වෙනවා.
ගීත වර්ගීකරණය ඒවා බලන කෙනා මත රඳා පවතින්න ඉඩ තිබෙනවා. ඒත් සමහර 'පැහැදිළි' අවස්ථා වල පවා නිවැරදි වර්ගය තුළ ගීත ඇතුළත් කර නොමැති බව මා පිළිගත යුතුයි. මෙයත් 'අවසන් නොකල කාර්යයක්'. මගේ ප්‍රමුඛතම අරමුණ ගී පද ඉදිරිපත් කිරීමයි. කාලයත් සමඟ සෑම ගීතයක්ම අදාළ වර්ග සියල්ල තුළම ඇතුළත් කෙරෙනු ඇති. මෙයින් ගම්‍ය වන තවත් දෙයක් නම්, දැනට, නිශ්චිත වර්ගයක් තුළ බැළූ විට ඔබට යම් ගීයක් සොයා ගන්න නොලැබීමට ඉඩක් තිබිය හැකි බවයි. 'ගීතයේ නමින්' සෙවූ විට සියළුම ගීත ඔබට දැකිය හැකියි.
මෙයත් 'අවසන් නොකළ කාර්යයක්'. මගේ ප්‍රමුඛතම අරමුණ ගී පද ඉදිරිපත් කිරීමයි. කාලයත් සමඟ ඒවා ඇතුළත් කිරීමට මම පියවර ගන්නවා.
දැනට මෙය කිරීමට මගේ අදහසක් නැහැ. කෝඩ් සියල්ල බලා ගන්න ඔබට අවශ්‍ය නම් Sinhala Song Chords අඩවිය ඔබට ප්‍රයෝජනව විය හැකියි.
මගේ නම සරත් කැමිලස් ජයවර්ධන. ඔබෙන් සමහරක් මා 'සරත්' කොටස ඇතිව හෝ නැතිව, 'කැමිලස්' කොටස ඇතිව හෝ නැතිව, රැවුල ඇතිව හෝ නැතිව, ... දන්නවාත් ඇති!